මහනුවර යුගයේ පහතරට විහාර සිතුවම් කලාව තුළින් හෙළිවන සමාජ විපර්යාස
මහනුවර යුගයේ සිතුවම් ආභාසය ලැබු පහත රට සිතුවම් මහනුවර යුගයේ සිතුවම් ලෙස හැදින්වේ.මහනුවර රාජධානි සමයෙහි උඩරට සිතුවම් කලාව ඇසුරු කරගනිමින් දිවයිනේ පහතරට ප්‍රදේශයවල විශේෂයෙන් දකුණු සහ බස්නාහිර පළාතේ මෙකී චිත්‍ර කලාව ව්‍යාප්ත විය.මහනුවර සම්ප්‍රධායේ සිතුවම් පහතරට ප්‍රදේශයන්හි ව්‍යාප්ත වීම උදෙසා ප්‍රධාන වශයෙන් කීර්ති රාජසිංහ රජුගේ අවධියහි ඇති වූ පුනරුදය බලපා ඇත.වැලිවිට සංඝරාජ හිමියන් තම ශිෂ්‍ය පිරිසට පහතරට ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන ආරම්භ කොට පවත්වා ගැනීමට කළ උනන්දුවේ ප්‍රථිපලයක් ලෙස පහතරට මෙකී චිත්‍ර කලාව පහතරට ව්‍යාප්ත විය.පහතරට ප්‍රදේශයන්හි ව්‍යාප්ත වූ මෙම චිත්‍ර කලාව තුළ උඩරට සිතුවම් හා සමාන වන අංගයන්ද ඇත.නමුත් කැපී පෙනෙන වෙනස්කම් ද ඇත. ශෛලිය ,අනුගමනය කළ ශිල්ප ක්‍රමය ,අතින් සමාන බවක් පෙන්නුම් කළ ද මනුෂ්‍ය රූප වල හැඩය ,ඇඳුම් පැළඳුම් නිර්මාණකරණය ,පසු බිම් සහ පසුබිම් සැරසිලි ,භාවිත වර්ණාලේපයන්හී සැලකිය යුතු වෙනස්කම් ඇත . මහනුවර චිත්ර සම්ප්රදාය ව්‍යාප්ත වූ පහතරට විහාරස්ථාන කිහිපයකි .තොටගමුව රත්පත් රජමහා විහාරය,දොඩන්දූව ශෛලබිම්බාරාමය,කතලුව පූර්වාරාමය,අම්බන්ගොඩ සුනන්දාරාමය,කරගම්පිටිය සුබෝධාරා...