ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසය
භූ ගෝලීය පිහිටීම් අනුව ලංකාව ප්‍රමාණයෙන් ඉතා කුඩා දිවයිනක් වුවද ,විශිෂ්ට සිතුවම් කලා සම්ප්රදායකට උරුමකම් කියන්න ,දීර්ඝ ඉතිහාසයක් හිමි රටක් හැටියට පුරාවිද්‍යා පුරාවිද්‍යාඥයන්ගේත් චිත්‍ර කලා රසිකයන් ගේ ද නොමද අවධානයට සහ සාකච්ඡාවට ලක්වූ පාරාදීසයක් හැටියට හඳුන්වා දීම නිවැරදිය .ප්රාග් ඓතිහාසික අවදියෙන් පටන් ගැනෙන තවත් පැහැදිලිව කියතොත් ක්‍රිස්තු පූර්ව 3 හෝ 2 හෝ ශත වර්ෂයන් ගෙන් පටන් ගෙන විසිවන ශතවර්ෂය දක්වා දිවෙන පොහොසත් පර්වත සහ බිතුසිතුවම් කලා සම්ප්රදායක් ශ්‍රී ලංකාව සතුව තිබීම ඊට හේතුවයි .ලංකාවේ චිත්‍ර කලාව පිළිබඳව සජීවී සාධක අයත් වන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය.ප්රාග් ඓතිහාසික යුගයට අයත් යැයි නිශ්චිතව හඳුනාගෙන ඇති ලෙන් සහ ගුහා චිත්‍ර හා කුරුටු ලියවිලි තිස්තුනක් දැනට හමු වී තිබේ .ඒවායේ ස්වරූපය අනුව සියලුම චිත්‍ර සටහන් වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. 1. ඒකවර්ණ ඡායා මාත්‍රයක් සහිත චිත්‍ර 2. බහුවරණ භාවිතා කළ චිත්‍ර 3. කැටයම් ස්වරූපයෙන් නිමැවුණු චිත්‍ර ක්‍රිස්තු පූර්ව අවසන් සියවස් කිහිපය තුළ ශ්‍රී ලාංකික ජන ජනස...

Comments
Post a Comment