කලාව හැඳින්වීම
කලාව යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාවලියයි. නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි.පුළුල් වපසරියක පැතිර ගිය මානව ක්‍රියාකාරකම් ,නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවකින් යුක්ත ව කලාව නිර්මාණය වී ඇත .සෞන්දර්යවේදය නමින් හැඳින්වෙන දර්ශනවාදයේ ශාඛාව තුළ කලාවේ අර්ථය ගවේෂණය කරනු ලබයි.කලාව යන වචනයේ ඉතාම ම සාමාන්‍ය ව්‍යවහාරය ප්‍රසිද්ධියට පත් වන්නේ ක්‍රිස්තු වර්ෂය 1750 න් පසුවය.එහිදී සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන කුසලතාවය හැඟවීම පිණිස කලාව යන වචනය යොදා ගනු ලැබිණි .බ්‍රිටැනිකා විශ්වකෝෂය කලාව යන අර්ථ නිරූපණය කරන්නේ අන්‍යයන් සමග බෙදා හදා ගත හැකි සෞන්දර්යාත්මක වස්තූන් පරිසරය හෝ අත්දැකීම් නිර්මාණය කිරීමේ ඇති හැකියාව සහ පරිකල්පනය යොදා ගැනීම යනුවෙනි .කලාව නැමැති සංකල්පය පිළිබඳව බොහෝ දේ ලියැවී ඇත .ක්‍රි.ව.1970 දී ඇඩර්නෝ කියා සිටියේ දැන් පිළි ගත යුතු කරුණ වන්නේ කලාව සම්බන්ධ කිසිවක් එසේ යැයි පිළිගත යුතු නො වන බවයි .කලාව පිළිබඳ මුල්ම සහ වඩාත් පුළුල් අර්ථය වන්නේ දළ වශයෙන් හැකියාව නොසිටි නොඑසේ නම් කෞශල්‍ය ලෙසින් පරිවර්තනය කරනු ලැබිය හැකි පැරණි ලතින් වචන වේ .එමෙන්ම මෙම අර්ථය ට සමාන අර්ථයක් සැකසුම හෝ පිළියෙල කිරීම යන අර්ථය ගැබ් වූ ඉන්දු යුරෝපීය මුල් වචනයේ ද ගැබ් වී ඇත .මේ අනුව බැලූ කල කිසියම් පුද්ගලයකු විසින් උවමනාවෙන් සිදුකරන සිදු කරන ලද්දා වූ සකස් කිරීමේ ක්‍රියාවලියකට බදුන් වූ ඕනෙම දෙයක් කලාව යනුවෙන් හැදින්විය හැකිය. කලාව යන වචනයේ දෙවැනි සහ වඩාත් මෑත මෑත කාලීන අර්ථය දැක්වෙන්නේ නිර්මාණාත්මක කලාව සහ ලලිත කලාව යන දෙකෙහි සංස්කරණයක් ලෙසිනි.කලාකරුවාගේ නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීම සඳහා හැකියාව යොදා ගැනීම හෝ රස විඳින්නන්ගේ සෞන්දර්යාත්මක සංවේදනාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම හෝ ලාලිත්‍යමය දේ අවධානයට ලක් කිරීම ලලිත කලාව යනුවෙන් හැදින් වේ. බොහෝ විට හැකියාවන් සාමාන්‍ය හෝ ප්‍රායෝගික ආකාරයෙන් යොදා ගනු ලබන්නේ නම් ජනතාව එවැනි නිර්මාණයන් කලාව ලෙස නොව ශිල්යපයක් ලෙස සලකනු ලබයි .එමෙන්ම හැකියාව වාණිජමය ඔහු කාරමික ස්වරූපයකින් යොදාගනු ලබන්නේ නම් ඒ කලාව ලෙස නොව වාණිජ කලාව ලෙස හඳුන්වනු ලැබේ.අනෙක් අතට සාමාන්‍ය අවස්ථා වලදී ශිල්පීය නිර්මාණය නිසා සැසුම් ව්‍යවහාරික කලාව ලෙසින්ද සැලකුණු ලබයි සමහර කලා අනුගාමිකයන් කියාසිටින්නේ ලලිත කලාව සහ විවහාරික කලාව අතර වෙනස තීරණය කළ යුත්තේ කලාව පිළිබඳ වටිනාකම් පදනම් කොට ගෙන මිස පැහැදිලි අර්ථ නිරූපණාත්මක වෙනස්කම් පදනම් කරගෙන නොවන බවයි .කෙසේ නමුත් හුදු ශුද්ධ නිර්මාණාත්මක සහ ස්වයං ප්‍රකාශන අභිබවා ගිය අරමුණු කලාව පවා ඇත .කලාකෘතීන්හි අරමුණ දේශපාලනික ,ආධ්‍යාත්මික ,හෝ දාර්ශනික අදහස් සන්නිවේදනය ,සුන්දරත්වය පිළිබඳව සන්නිවේදනය නිර්මාණය කිරීමය .සන්තෘෂ්ඨිය සඳහා හෝ ප්‍රබල පාදයන් චලනය කිරීම විය හැකි ය .එමෙන්ම සමහර විටෙක එහි අරමුණ බැලූබැල්මට විද්‍යාමාන නොවන්නක් ද විය හැකිය .
Comments
Post a Comment