ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසය
භූ ගෝලීය පිහිටීම් අනුව ලංකාව ප්‍රමාණයෙන් ඉතා කුඩා දිවයිනක් වුවද ,විශිෂ්ට සිතුවම් කලා සම්ප්‍රදායකට උරුමකම් කියන්න ,දීර්ඝ ඉතිහාසයක් හිමි රටක් හැටියට පුරාවිද්‍යා පුරාවිද්‍යාඥයන්ගේත් චිත්‍ර කලා රසිකයන් ගේ ද නොමද අවධානයට සහ සාකච්ඡාවට ලක්වූ පාරාදීසයක් හැටියට හඳුන්වා දීම නිවැරදිය .ප්‍රාග් ඓතිහාසික අවදියෙන් පටන් ගැනෙන තවත් පැහැදිලිව කියතොත් ක්‍රිස්තු පූර්ව 3 හෝ 2 හෝ ශත වර්ෂයන් ගෙන් පටන් ගෙන විසිවන ශතවර්ෂය දක්වා දිවෙන පොහොසත් පර්වත සහ බිතුසිතුවම් කලා සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව සතුව තිබීම ඊට හේතුවයි .ලංකාවේ චිත්‍ර කලාව පිළිබඳව සජීවී සාධක අයත් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය.ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි නිශ්චිතව හඳුනාගෙන ඇති ලෙන් සහ ගුහා චිත්‍ර හා කුරුටු ලියවිලි තිස්තුනක් දැනට හමු වී තිබේ .ඒවායේ ස්වරූපය අනුව සියලුම චිත්‍ර සටහන් වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. 1. ඒකවර්ණ ඡායා මාත්‍රයක් සහිත චිත්‍ර 2. බහුවරණ භාවිතා කළ චිත්‍ර 3. කැටයම් ස්වරූපයෙන් නිමැවුණු චිත්‍ර ක්‍රිස්තු පූර්ව අවසන් සියවස් කිහිපය තුළ ශ්‍රී ලාංකික ජන ජනසමාජය විශාල වෙනස්කම්වලට භාජනය විය.මෙම වෙන වීම් ජන ජීවිතය හා සම්බන්ධ හැම ක්ෂේත්‍රයකටම වර්ධනයට මෙන්ම විකාශනයට ද හේතු භූත විය .මෙම වර්ධනය කෙතරම් ප්‍රබල වීද කියතොත් ප්‍රාග් ඓතිහාසික සමාජ ව්‍යුහය මුළුමනින් ම මුළුමනින්ම අමතක කර දමන්ට තරම් ශක්තිමත් එකක් බවට පත් විය.මේ නිසා මුල් වකවානුවේ ලෙන් චිත්‍ර කලාව ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර කලාව අතර සාම්‍යයක් දක්නට නොමැති තර ය .ප්‍රාග් ඓතිහාසික යුගයේ දඩයම්කරුවන් විසින් භාවිතා කරන ලද ගල් ලෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ත ආශ්‍රමය හැටියට භාවිතා කිරීම නිසා අද අපට දක්නට ලැබෙන ලෙන් චිත්‍ර සම්ප්‍රදාය බිහි විය. එබඳු ගල් ලෙන් භික්ෂු ආශ්‍රම බවට පත්වීම නිසා එක් අතකින් ඒවා ශ්‍රි ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් සිහිවටන වූ අතර තවත් අතකින් ලාංකික චිත්‍ර සම්ප්‍රදායේ ප්‍රධාන භාණ්ඩාගාර බවට පත් වූ බව කිව යුතුය .බුදු දහම ලංකාවට ගෙන ඒම ලාංකික ජන ජීවිතයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් විය .මහින්දාගමනයත් ඊට සමගාමීව සිදු වූ සංඝමිත්තා තෙරණිය කැටුව ජය ශ්‍රි මහා බෝධි ආගමනයත් එහිලා වැදගත්ම සංසිද්ධීන් හැටියට හැඳින්විය හැකිය.බෞද්ධ සංස්කෘතිය මේ රටේ ව්‍යාප්ත වන විට ඒ අනුව හැඩගැසුණු නු නම බෞද්ධ ශිෂ්ඨාචාරය ඔස්සේ සාහිත්‍යය භාෂාව ගෘහ නිර්මාණය හා කලා ශිල්ප ආදිය සීඝ්‍ර දියුණුවකට ලක්වන ආකාරය පිළිබඳ ලිඛිත සාධක හමුවී තිබේ .ඒවා අතර මහාවංසය ,සමන්තපාසාදිකාව ,බෝධිවංශය ,ථූපවංශය ,වැනි මූලාශ්‍ර මෙන්ම ලෙන්ලිපි ඇතුළු සෙ ලිපි ඇතුළු සෙල්ලිපි සමූහය ඇති විශේෂ වැදගත්කමකින් යුක්ත වෙයි .කෙසේ නමුත් මේ අයුරින් ආරම්භ වූශ්‍රී ලාංකීය සිතුවම් කලාව අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා විවිද වෙනස්කම් වලට බඳුන් වෙමින් අද දක්වාත් ව්‍යාප්ත වෙමින් පවතී .
Comments
Post a Comment