තොටගමු පුරාණ රජමහා විහාරය

පිහිටීම සහ ඓතිහාසික පසුබිම කෝට්ටේ යුගයේදී අන්තර් ජාතික කීර්තියට පත් ප්‍රධාන පෙළේ පෙර දිග විද්‍යායතනයක් වූත් තීරණ ඉතිහාසයකට උරුමකම් කියන ආගමික හා සංස්කෘතික අගයකින් යුත් යුත් බෞද්ධ ස්ථානයක් වූවද තොටගමු පුරාණ රජමහා විහාරය විහාරයේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වැල වැල්ලබඩ පත්තුවට අයත් තේරුම් ගත්තා නම් ගමෙහි පිහිටා තිබේ. කොළඹ -ගාල්ල මහා මාර්ගයේ 57 වෙනි සැතපුම් කණුව අසලින් මං පසට වැටී ඇති පටු මාවත ඔස්සේ මීටර් පන්සියයක් පමණ ගමන් කිරීමෙන් පසු මෙම විහාරයට ළඟා විය හැකිය .විහාර මන්දිරය ,චෛත්‍ය ආදී පූජනීය ගොඩනැගිලි විහාර භූමියේ ව පස පිහිටා ඇති අතර ,සංඝාවාස,දාන ශාලා, ආදී භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සදහා ඉදිකල ගොඩනැගිලි දකුණු පසින් පිහිටා තිබේ තෙල්වත්ත විහාරය ,තොටගමු විහාරය,රත්පත් විහාරය ,පාත තොටගමු විහාරය ,පුරාණ තොටගමු රජමහා රත්පත් විහාරය ආදී නම් කිහිපයකින් ම කිහිපයකින්ම මෙම විහාරස්ථානය හඳුන්වනු ලැබේ. තොටගමුව පුරාණ විහාරයේ ඉතිහාසය දෙවන පෑතිස් සමය තරම් ඈතට විහිදෙන්නකි .මහානාග යුව රජතුමා රුහුණු බලා යන ගමනේ දී මෙම විහාරය ආරම්භ කරන ලදැයි සැලකේ . ඒ අනුව මෙම විහාරස්ථානය වසර දෙදහස් තුන්සියක දෙදහස් තුන්සීයකට අධික ඉතිහාසයකට උරුමකම් කියයි .අනුරාධපුරයේ රජකම් කළ දෙවනපෑතිස් රජුට සමකාලීනව කැලණියේ විසූ කැලණිතිස්ස රජු දවස දිසා පිළිමය නම් බුද්ධ ප්‍රතිමාවක් මෙම විහාරස්ථානයට වැඩම කරන ලද බව ගිරා සන්දේශයෙහි දැක්වේ. ේ මෙම විහාරස්ථානයේ පෞරාණිකත්වය හෙළිකරන තවත් සාක්ෂියක් නම් දැනට නාථ දේවාලය වටා පිහිටා ඇති ග කණු කිහිපයයි .මේ කණු වල "මහා බැලගම උපුලාගේ ටැඹ " " මහබැලගම උපුලා මවු මිදිදලගේ ටැඹ" යන වගන්ති සටහන් කර තිබේ .මෙම අක්ෂරය ක්‍රිස්තු වර්ෂ 8-10සියවස්වලට අයත් වෙතියි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති . නම් පොත ,වදන් කවි පොත වැනි පුරාණ සිංහල පාඨ ග්‍රන්ථවල තොටගමු විහාරයේ ,පහත තොටගමු විහාරය යන නම්වලින් හඳුන්වා ඇත්තේ මෙම විහාරස්ථානයයි.

Comments

Popular posts from this blog

ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසය

මහනුවර යුගයේ පහතරට විහාර සිතුවම් කලාව තුළින් හෙළිවන සමාජ විපර්යාස

කලාව හැඳින්වීම