මහනුවර යුගයට අයත් පහතරට විහර චිත්‍ර
  ස්වභාව ධර්මයටත් වඩා කුරිරු විවිධ ආක්‍රමණිකයන්ට ගොදුරු වුවද අපේ සිත්තරුන් සිය ආවේණික ශිල්ප හැකියාව වියැකී යා නොදී පරම්පරාවෙන්  පරම්පරාවට ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් යළිත් මහනුව යුගයේ දී ඉස්මතු වුණු ආරාමීය චිත්‍ර කලාව සුවිශේෂයෙන් කන්ද උඩරට විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් බැබලෙන්නට විය .එම පරම්පරාවල අතුපතර ලෙස පහත රට ප්‍රදේශවල ව්‍යාප්ත වී සිටි සිත්තර පරම්පරාවන් විසින් එම චිත්‍ර සම්ප්‍රදාය පහතරට විහාරස්ථාන වලට ද ආරෝපණය කරන ලදී .කඩොල්ගල්ල,ගරාඬුව ,දෙණිපිටිය, වැනි ප්‍රදේශවල ජීව වූ සිත්තර පරම්පරාව විසින් කරන ලද චිත්‍ර කර්මාන්ත වලින් පිරුණු මන්දිර රාශියක් පහත රට පුරා විසිරී තිබේ .මුල්කිරි ගල ,කැලණිය ,දොඩන්දූව,කතළුව,තෙල්වත්ත,කරගම්පිටිය, මුලටියන ආදී විහාරස්ථාන ඒ අතර වෙයි.             අවධියේදී          ඒවායේ දක්නට ලැබෙන සිත්තම් ලැබෙන්නේ මහනුවර යුගයේ ඇරැඹුණු විහාර හා ලෙන් චිත්‍ර කලාවේ මූල සම්ප්‍රදායට අයත් ලක්ෂණ පෙන්නුම් කළ ද ඊට වඩා හාත්පසින්ම වෙනස් ලක්ෂණ වලින් ලක්ෂණවලින් ද යුක්ත ය .මේ නිසා ම මහනුවර චිත්‍ර සම්ප්‍රදාය මේ අවධියේ වෙනස් වූයේ කාලීන වශයෙන් වැඩි දියුණු වීමක් නිසාද නැතිනම් අර්ධ වශයෙන් හෝ ස්වධීන ගුරුකුලයක් නිසාද යන්න විමසිල්ලට ලක් වී තිබේ.
Comments
Post a Comment