

දාහත් වැනි සහ 18 වෙනි ශත වර්ෂ වලට අයත් ලාංකික චිත්‍ර සම්ප්‍රදාය හැඳින්වෙන්නේ උඩරට සිතුවම් කලාව නමිනි .මේ වන විට රාජධානිය මහනුවර පිහිටි නිසා මේ යුගය හඳුන්වන්නේ මහනුවර යුගය නමිනි .ශෛලිය අතින් අනුරාධපුර පොළොන්නරු සිතුවම් සම්ප්‍රදායට වෙනස් ස්වරූපයක් ගැනීම උඩරට රාජධානි සමයට අයත් විහාර දේවාලයන්හි මේවා සිතුවම් කොට තිබීමත් උඩරට රජකල රජවරුන්ගේ අනුග්‍රහයෙන් වැඩි දියුණු වීමත් යන කරුණු නිසා උඩරට සිතුවම් කලාව යනුවෙන් මෙම චිත්‍ර සම්ප්‍රදාය හදුන්වනු ලැබේ.එහෙත් මෙම සම්ප්‍රදායට අයත් සිතුවම් තත්කාලීනව පහත රට විහාරස්ථානවලට ද දක්නට ලැබෙන බැවින් ඒ උඩරටට පමණක් විශේෂිත වූවක් නොවේ . දළදා මාලිගාව ,ලංකා තිලකය, දෙගල්දොරුව ,ගංගාරාමය ,මැදවෙල බඹරගල, දඹුලල,රිදී විහාරය,දනගිරිගල,කැබැල්ල ලෙන ආදි උඩරට ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන වල මෙන්ම කැලණිය මුල්කිරිගල තොටගමු වැනි පහත රට ප්‍රදේශවල විහාරස්ථාන වලද මෙම සම්ප්‍රදායට ය සිතුවම් දක්නට ලැබේ . මහනුවර යුගයේ රජකළ රජකල නායක්කර් වංශික රජවරුන් බුදු බුදු සමය වැලඳගෙන හින්දු සිරිත් මෙන්ම බෞද්ධ කටයුතු ද මහත් උනන්දුවෙන් කරන්නට වූහ .මේ තත්ත්වය යටතේ තුල තම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් හා වැඩිදියුණු කරගනිමින් නව සිතුවම් කලාවක් බිහි කිරීමට සිංහල චිත්‍ර ශිල්පී උනන්දු වූහ. මේ අවධියේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය ප්‍රතිඵලයක් හැටියට නව බෞද්ධ විහාරස්ථාන ගොඩනැගුනු අතර පැරණි බෞද්ධ විහාරස්ථාන පුනර්ජීවයක් ලැබීය.මෙහිලා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සහ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියෝ ද පුරෝගාමි මෙහෙවරක නිරත වූවෝ වෙති.මේ නව ප්‍රබෝදයේ ආලෝකය උඩරට පහත රට ප්‍රදේශ පුරා එකසේ පැතිර ගියේ ය . මහනුවර යුගයේ කලා ශිල්ප පිළිබඳ වත් සිතුවම් කලාව පිලිබදවත් දිර්ඝ ගවේෂණයක මුල්වරට යෙදුනේ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා ය .මේ විශේෂය ආරභයා පුළුල් ශාස්ත්‍රීය සංවාදයක යෙදී ඇති එතුමාගේ අදහස් අනුව නොයෙක් යුගයන්හි වැජඹුණු වඩා දියුණු නිදහස්ව නොකඩවා පැවති සම්ප්‍රදායික ඉතිරිය අටලොස්වන සියවසේ උඩරට චිත්‍රවලින් නිරූපණය වෙයි.
Comments
Post a Comment