මෙම නිබන්ධනය පරිච්ඡේද කිහිපයක් ඔස්සේ විග්‍රහ කෙරේ.ප්‍රථමයෙන් කලාව පිළිබද කෙටි හැදින්වීමක් අන්තර්ගතය.දෙවනුව ලංකාවේ බෞද්ධ විහාර ආශ්‍රිත චිත්‍ර කලාවේ ආරම්භය හා විකාශය පිළිබඳ කෙටි හැදින්වීමක් වේ.විශේෂයෙන් විවිධ දේශපාලන,ආර්ථික,සමාජීය හා ආගමික විපර්‍යාසයන්ට ලක්වෙමින් මහනුවර යුගය දක්වා ඉතා දීර්ඝ කාලපරිච්ඡේදයක් තුළ විහාර චිත්‍ර කලා සම්ප්‍රදායේ සිදු වූ ආගමනය පිළිබඳව ඉදිරිපත් කරයි.තුන්වනුව මහනුවර යුගයේ චිත්‍ර කලා සම්ප්‍රදාය දේශීය හා විදේශීය ආභාසය ලබමින් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයයට ව්‍යාප්ත වූ ආකාරයත් විස්තර කර ඇත.සිව්වන පරිච්චේදය ඔස්සේ මහනුවර යුගයට සමකාලීනව නිම වූ පහතරට විහාර සිතුවම් පිළිබඳ විමසීමක් කරයි.මෙහිදී විශේෂයෙන් අවදාරනය කිරීමට බලාපොරොත්තු වන්නේ දක්ෂිණ ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තොටගමු රජමහා විහාරය, අම්බලන්ගොඩ සුභදාරාමය හා දොඩන්දූව රජමහා විහාරය යන විහාරස්ථානවල ඇති සිතුවම් කෙරෙහිය.මෙම සිතුවම් තුළින් හෙළිවන පහතරට සමාජ විපර්‍යාසයන් අධ්‍යනය කිරීම අරමුණ වේ.

Comments

Popular posts from this blog

ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසය

මහනුවර යුගයේ පහතරට විහාර සිතුවම් කලාව තුළින් හෙළිවන සමාජ විපර්යාස

කලාව හැඳින්වීම