දොඩන්දූව ශෛලබිම්බාරාමය

ගාලල-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ලට නුදුරු ව පිහිටි වර්තමානයෙත් දොඩන්දූව නමින් හැඳින්වෙන ප්‍රදේශය අතීතයේ දී හඳුන්වා ඇත්තේ උඩුගල්පිටිය නමිනි .උඩුගල්පිටිය පිළිබඳ වරණාත්මක තොරතුරු පරවි ,තිසර හා කෝකිල සන්දේශ කාව්‍යයන්හි සංදේශ කාව්‍යයන් හි අන්තර්ගතය. කුඩු කල්පිටිය ප්‍රදේශය වෙළඳ කටයුතු පිළිබඳව මධ්‍යස්ථානයක් මධ්‍යස්ථානයක්ව පැවති බවට සාධක තිබේ.චීන තවලම් වෙළඳුන් චීනයේ නිෂ්පාදිත පටපිළී රැගෙන වෙළඳාමේ ගිය මාර්ගය පුරාවිද්‍යාඥයන් හඳුන්වන්නේ සේද මාර්ගයේ නමිනි .එම රෙදිපිළි දකුණු ඉන්දි යාවේ සිට ලංකාවට ගෙන එන ලද්දේ දොඩංදූවේ යාත්‍රිකයන් විසිනැයි ප්‍රවාදයක් ඇත.මොවුන් භාවිතා කළ මුහුදු යාත්‍රා ොඩන්දූවේ රුවල් නැව් නමින් හැඳින්වෙන බව ද පැවසේ .14 වැනි සියවසේ දී පිහිටුවන ලදැයි සැලකෙන ගාල්ලේ චීන කොටුවේ පිහිටි ශෛලමය ස්මාරකයෙන් මේ තොරතුරු සනාථ වෙයි. ලක්දිව දකුණු ප්‍රදේශය හා චීනය අතර පැවති සම්බන්ධතා මෙම ලිපියෙහි අන්තර්ගතය .චීන යාත්‍රිකයන් පිරිසකට මුහුදේ දී මුහුණ පාන්නට සිදු වූ අනතුරකින් කතරගම දෙවියන්ගේ අනුහසින් ව සීන් ගැල වෙන්නට හැකි වූ ආකාරයත් ඒ අවස්ථාවේ දෙවියන් උදෙසා වූ භාරයක් ඔප්පු කිරීමට අවශ්‍ය පූජා භාණ්ඩ විස්තරයකුත් මෙම ලිපියෙහි ඇතුළත් වූ තිබේ .කතරගම දෙවියන් දොඩන්දුව ප්‍රදේශයෙහි කඳවුරු බැඳගෙන සත් අවුරුද්දක් වාසය කළ බව ද පැරැණි පැරණියන් ලියවිල්ලක සදහන් වෙයි.යටකී සෙල්ලිපියෙහි එන කරුණු කරුණු ද මෙම අත් ලියවිල්ලෙන් කරුණුත් අතර සබඳතාවයක් පවති දොඩන්දූව යන නම ව්‍යවහාරයට පැමිණියේ කවර වකවානුවක දැයි නිශ්චිතව ඉදිරිපත් කිරීමට කරුණු නැත.වර්තමාන දොඩන්දූවේ දකුණු සීමාව දැනටමත් හැඳින්වෙන්නේ උඩුගල්පිටිය නමිනි .එහෙයින් පැරණි දේවාලයක් ද වෙයි .එම දේවාලයේ බ්‍රාහ්මීය අක්ෂර බ්‍රාහ්මී අක්ෂරවලින් වලින් ලියැවුණු සෙල් ලිපියක් තිබුණු බවත් ගාලුපාර ඉදිකිරීම සඳහා කළුගල් ලබාගැනීමට කොන්ත්‍රාත්කරුවන් විසින් එම ලිපිය සහිත කළ කඩා දැමූ බවත් පැරැන්නෝ කියති . අපගේ සාකච්ඡාවට භාජනය වන දොඩන්දූවේ පිහිටි පැරණි විහාරය මුලදී හඳුන්වනු ලද්දේ දෙගල්ලේ විහාරය නමිනි.දකුණු ඉන්දියාවේ කාවේරි පට්නයේ සිට වැඩම කරන ලද සුවිසල් සෙල් පිළිමයක් මේහි තැම්පත් කිරීමෙන් පසු මෙම විහාරය ශෛලබිම්බාරාමය නමින් හැඳින්වෙන්නට විය .

Comments

Popular posts from this blog

ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසය

මහනුවර යුගයේ පහතරට විහාර සිතුවම් කලාව තුළින් හෙළිවන සමාජ විපර්යාස

කලාව හැඳින්වීම