Posts

දොඩන්දූව ශෛලබිම්බාරාමය

ගාලල-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ලට නුදුරු ව පිහිටි වර්තමානයෙත් දොඩන්දූව නමින් හැඳින්වෙන ප්‍රදේශය අතීතයේ දී හඳුන්වා ඇත්තේ උඩුගල්පිටිය නමිනි .උඩුගල්පිටිය පිළිබඳ වරණාත්මක තොරතුරු පරවි ,තිසර හා කෝකිල සන්දේශ කාව්‍යයන්හි සංදේශ කාව්‍යයන් හි අන්තර්ගතය. කුඩු කල්පිටිය ප්‍රදේශය වෙළඳ කටයුතු පිළිබඳව මධ්‍යස්ථානයක් මධ්‍යස්ථානයක්ව පැවති බවට සාධක තිබේ.චීන තවලම් වෙළඳුන් චීනයේ නිෂ්පාදිත පටපිළී රැගෙන වෙළඳාමේ ගිය මාර්ගය පුරාවිද්‍යාඥයන් හඳුන්වන්නේ සේද මාර්ගයේ නමිනි .එම රෙදිපිළි දකුණු ඉන්දි යාවේ සිට ලංකාවට ගෙන එන ලද්දේ දොඩංදූවේ යාත්‍රිකයන් විසිනැයි ප්‍රවාදයක් ඇත.මොවුන් භාවිතා කළ මුහුදු යාත්‍රා ොඩන්දූවේ රුවල් නැව් නමින් හැඳින්වෙන බව ද පැවසේ .14...

තොටගමු පුරාණ රජමහා විහාරය

Image
පිහිටීම සහ ඓතිහාසික පසුබිම කෝට්ටේ යුගයේදී අන්තර් ජාතික කීර්තියට පත් ප්‍රධාන පෙළේ පෙර දිග විද්‍යායතනයක් වූත් තීරණ ඉතිහාසයකට උරුමකම් කියන ආගමික හා සංස්කෘතික අගයකින් යුත් යුත් බෞද්ධ ස්ථානයක් වූවද තොටගමු පුරාණ රජමහා විහාරය විහාරයේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වැල වැල්ලබඩ පත්තුවට අයත් තේරුම් ගත්තා නම් ගමෙහි පිහිටා තිබේ. කොළඹ -ගාල්ල මහා මාර්ගයේ 57 වෙනි සැතපුම් කණුව අසලින් මං පසට වැටී ඇති පටු මාවත ඔස්සේ මීටර් පන්සියයක් පමණ ගමන් කිරීමෙන් පසු මෙම විහාරයට ළඟා විය හැකිය .විහාර මන්දිරය ,චෛත්‍ය ආදී පූජනීය ගොඩනැගිලි විහාර භූමියේ ව පස පිහිටා ඇති අතර ,සංඝාවාස,දාන ශාලා, ආදී භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය සදහා ඉදිකල ගොඩනැගිලි දකුණු පසින් පිහිටා තිබේ තෙල්වත්ත විහාරය ,තොටගමු විහාරය,රත්පත් විහාරය ,පාත තොටගමු විහාරය ,පුරාණ තොටගමු රජමහා රත්පත් විහාරය ආදී නම් කිහිපයකින් ම කිහිපයකින්ම මෙම විහාරස්ථානය හඳුන්වනු ලැබේ. තොටගමුව පුරාණ විහාරයේ ඉතිහාසය දෙවන පෑතිස් සමය තරම් ඈතට විහිදෙන්නකි .මහානාග යුව රජතුමා ...

මහනුවර යුගයට අයත් පහතරට විහර චිත්‍ර

ස්වභාව ධර්මයටත් වඩා කුරිරු විවිධ ආක්‍රමණිකයන්ට ගොදුරු වුවද අපේ සිත්තරුන් සිය ආවේණික ශිල්ප හැකියාව වියැකී යා නොදී පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් යළිත් මහනුව යුගයේ දී ඉස්මතු වුණු ආරාමීය චිත්‍ර කලාව සුවිශේෂයෙන් කන්ද උඩරට විහාරස්ථාන කේන්ද්‍රකර ගනිමින් බැබලෙන්නට විය .එම පරම්පරාවල අතුපතර ලෙස පහත රට ප්‍රදේශවල ව්‍යාප්ත වී සිටි සිත්තර පරම්පරාවන් විසින් එම චිත්‍ර සම්ප්‍රදාය පහතරට විහාරස්ථාන වලට ද ආරෝපණය කරන ලදී .කඩොල්ගල්ල,ගරාඬුව ,දෙණිපිටිය, වැනි ප්‍රදේශවල ජීව වූ සිත්තර පරම්පරාව විසින් කරන ලද චිත්‍ර කර්මාන්ත වලින් පිරුණු මන්දිර රාශියක් පහත රට පුරා විසිරී තිබේ .මුල්කිරි ගල ,කැලණිය ,දොඩන්දූව,කතළුව,තෙල්වත්ත,කරගම්පිටිය, මුලටියන ආදී විහාරස්ථාන ඒ අතර වෙයි. අවධියේදී ඒවායේ දක්නට ලැබෙන සිත්තම් ලැබෙන්නේ මහනුවර යුගයේ ඇරැඹුණු විහාර හා ලෙන් චිත්‍ර කලාවේ මූල සම්ප්‍රදායට අයත් ලක්ෂණ පෙන්නුම් කළ ද ඊට වඩා හාත්පසින්ම වෙනස් ලක්ෂණ වලින් ලක්ෂණවලින් ද යුක්ත ය .මේ නිසා ම මහනුවර චිත්‍ර සම්ප්‍රදාය මේ අවධියේ වෙනස් වූයේ කාලීන වශයෙන් වැඩි දියුණු වීමක් නිසාද නැතිනම් අර්ධ වශයෙ...

මහනුවර යුගයේ සිතුවම්

Image
දාහත් වැනි සහ 18 වෙනි ශත වර්ෂ වලට අයත් ලාංකික චිත්‍ර සම්ප්‍රදාය හැඳින්වෙන්නේ උඩරට සිතුවම් කලාව නමිනි .මේ වන විට රාජධානිය මහනුවර පිහිටි නිසා මේ යුගය හඳුන්වන්නේ මහනුවර යුගය නමිනි .ශෛලිය අතින් අනුරාධපුර පොළොන්නරු සිතුවම් සම්ප්‍රදායට වෙනස් ස්වරූපයක් ගැනීම උඩරට රාජධානි සමයට අයත් විහාර දේවාලයන්හි මේවා සිතුවම් කොට තිබීමත් උඩරට රජකල රජවරුන්ගේ අනුග්‍රහයෙන් වැඩි දියුණු වීමත් යන කරුණු නිසා උඩරට සිතුවම් කලාව යනුවෙන් මෙම චිත්‍ර සම්ප්‍රදාය හදුන්වනු ලැබේ.එහෙත් මෙම සම්ප්‍රදායට අයත් සිතුවම් තත්කාලීනව පහත රට විහාරස්ථානවලට ද දක්නට ලැබෙන බැවින් ඒ උඩරටට පමණක් විශේෂිත වූවක් නොවේ . දළදා මාලිගාව ,ලංකා තිලකය, දෙගල්දොරුව ,ගංගාරාමය ,මැදවෙල බඹරගල, දඹුලල,රිදී විහාරය,දනගිරිගල,කැබැල්ල ලෙන ආදි උඩරට ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන වල මෙන්ම කැලණිය මුල්කිරිගල තොටගමු වැනි පහත රට ප්‍රදේශවල විහාරස්ථාන වලද මෙම සම්ප්‍රදායට ය සිතුවම් දක්නට ලැබේ . මහනුවර යුගයේ රජකළ රජකල නායක්කර් වංශික රජවරුන් බුදු බුදු සමය වැලඳගෙන හින්දු සිරිත් මෙන්...

ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසය

භූ ගෝලීය පිහිටීම් අනුව ලංකාව ප්‍රමාණයෙන් ඉතා කුඩා දිවයිනක් වුවද ,විශිෂ්ට සිතුවම් කලා සම්ප්‍රදායකට උරුමකම් කියන්න ,දීර්ඝ ඉතිහාසයක් හිමි රටක් හැටියට පුරාවිද්‍යා පුරාවිද්‍යාඥයන්ගේත් චිත්‍ර කලා රසිකයන් ගේ ද නොමද අවධානයට සහ සාකච්ඡාවට ලක්වූ පාරාදීසයක් හැටියට හඳුන්වා දීම නිවැරදිය .ප්‍රාග් ඓතිහාසික අවදියෙන් පටන් ගැනෙන තවත් පැහැදිලිව කියතොත් ක්‍රිස්තු පූර්ව 3 හෝ 2 හෝ ශත වර්ෂයන් ගෙන් පටන් ගෙන විසිවන ශතවර්ෂය දක්වා දිවෙන පොහොසත් පර්වත සහ බිතුසිතුවම් කලා සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව සතුව තිබීම ඊට හේතුවයි .ලංකාවේ චිත්‍ර කලාව පිළිබඳව සජීවී සාධක අයත් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය.ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි නිශ්චිතව හඳුනාගෙන ඇති ලෙන් සහ ගුහා චිත්‍ර හා කුරුටු ලියවිලි තිස්තුනක් දැනට හමු වී තිබේ .ඒවායේ ස්වරූපය අනුව සියලුම චිත්‍ර සටහන් වර්ග තුනකට බෙදා දැක්විය හැකිය. 1. ඒකවර්ණ ඡායා මාත්‍රයක් සහිත චිත්‍ර 2. බහුවරණ භාවිතා කළ චිත්‍ර 3. කැටයම් ස්වරූපයෙන් නිමැවුණු චිත්‍ර ක්‍රිස්තු පූර්ව අවසන් සියවස් කිහිපය තුළ ශ්‍රී ලාංකික ජන ජනස...

කලාව හැඳින්වීම

කලාව යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාවලියයි. නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි.පුළුල් වපසරියක පැතිර ගිය මානව ක්‍රියාකාරකම් ,නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවකින් යුක්ත ව කලාව නිර්මාණය වී ඇත .සෞන්දර්යවේදය නමින් හැඳින්වෙන දර්ශනවාදයේ ශාඛාව තුළ කලාවේ අර්ථය ගවේෂණය කරනු ලබයි.කලාව යන වචනයේ ඉතාම ම සාමාන්‍ය ව්‍යවහාරය ප්‍රසිද්ධියට පත් වන්නේ ක්‍රිස්තු වර්ෂය 1750 න් පසුවය.එහිදී සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන කුසලතාවය හැඟවීම පිණිස කලාව යන වචනය යොදා ගනු ලැබිණි .බ්‍රිටැනිකා විශ්වකෝෂය කලාව යන අර්ථ නිරූපණය කරන්නේ අන්‍යයන් සමග බෙදා හදා ගත හැකි සෞන්දර්යාත්මක වස්තූන් පරිසරය හෝ අත්දැකීම් නිර්මාණය කිරීමේ ඇති හැකියාව සහ පරිකල්පනය යොදා ගැනීම යනුවෙනි .කලාව නැමැති සංකල්පය පිළිබඳව බොහෝ දේ ලියැවී ඇත .ක්‍රි.ව.1970 දී ඇඩර්නෝ කියා සිටියේ දැන් පිළි ගත යුතු කරුණ වන්නේ කලාව සම්බන්ධ කිසිවක් එසේ යැයි පිළිගත යුතු නො වන බවයි .කලාව පිළිබඳ මුල්ම සහ වඩාත් පුළුල් අර්ථය වන්නේ දළ වශයෙන් හැකියාව නොසිටි නොඑසේ නම් කෞශල්‍ය ලෙසින් පරිවර්තන...
මෙම නිබන්ධනය පරිච්ඡේද කිහිපයක් ඔස්සේ විග්‍රහ කෙරේ.ප්‍රථමයෙන් කලාව පිළිබද කෙටි හැදින්වීමක් අන්තර්ගතය.දෙවනුව ලංකාවේ බෞද්ධ විහාර ආශ්‍රිත චිත්‍ර කලාවේ ආරම්භය හා විකාශය පිළිබඳ කෙටි හැදින්වීමක් වේ.විශේෂයෙන් විවිධ දේශපාලන,ආර්ථික,සමාජීය හා ආගමික විපර්‍යාසයන්ට ලක්වෙමින් මහනුවර යුගය දක්වා ඉතා දීර්ඝ කාලපරිච්ඡේදයක් තුළ විහාර චිත්‍ර කලා සම්ප්‍රදායේ සිදු වූ ආගමනය පිළිබඳව ඉදිරිපත් කරයි.තුන්වනුව මහනුවර යුගයේ චිත්‍ර කලා සම්ප්‍රදාය දේශීය හා විදේශීය ආභාසය ලබමින් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයයට ව්‍යාප්ත වූ ආකාරයත් විස්තර කර ඇත.සිව්වන පරිච්චේදය ඔස්සේ මහනුවර යුගයට සමකාලීනව නිම වූ පහතරට විහාර සිතුවම් පිළිබඳ විමසීමක් කරයි.මෙහිදී විශේෂයෙන් අවදාරනය කිරීමට බලාපොරොත්තු වන්නේ දක්ෂිණ ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් තොටගමු රජමහා විහාරය, අම්බලන්ගොඩ සුභදාරාමය හා දොඩන්දූව රජමහා විහාරය යන විහාරස්ථානවල ඇති සිතුවම් කෙරෙහිය.මෙම සිතුවම් තුළින් හෙළිවන පහතරට සමාජ විපර්‍යාසයන් අධ්‍යනය කිරීම අරමුණ වේ.